☸   Peace · Compassion · Wisdom · Awakening   ☸
Back to home
මෙත්මල් අරණ සමාජ සේවා පදනම

සැඳෑ සමයට සැනසුම් සුසුමක්

අසරණ පවුල්වල වැඩිහිටියන්ට සරණ වෙමු

සැඳෑ සමයට සැනසුම් සුසුමක්
Social Service · වැඩිහිටි සත්කාර
සැඳෑ සමයට සැනසුම් සුසුමක්

අපගේ වැඩිහිටියන් රැකබලා ගැනීම සඳහා, බුද්ධෝත්පාද ආර්යයන්වහන්සේගේ උපදෙස් පරිදි මෙත්මල් අරණ සමාජ සේවා පදනම වැඩිහිටියන්ට සරණ වීමේ වැඩසටහනක් ආරම්භ කර ඇත.

අපට සැමදා ජීවත් විය නොහැක. ජීවිතය සමුගන්න මොහොත සෑම කෙනෙකුටම අසරණකම උරුමයි. ඒ මොහොතේ දැනෙන වේදනාව කාට කියන්නද? අපටත් දවසක ඒ ඉරණම අත් වෙනවා නේද? ඔවුන්ගේ සිත් වලට සැනසුම් සුසුමක් හෙලන්නට නම් අප සැම ඒ සඳහා දායක වීම, මේ යුගයේ අවශ්‍යතාවයක් බව අපට හැඟේ.

දුෂ්කර පළාත්වල, මෙත්මල් අරණ අවට වෙසෙන අසරණ පවුල්වල අවුරුදු හැත්තෑවට වැඩි, වැඩිහිටියන් මේ සඳහා තෝරා ගැනේ.

මේ සඳහා ඔවුන්ට මුදල්, අමුද්‍රව්‍ය වශයෙන් (ආහාර, ඇඳුම්, බෙහෙත්) ලබාදීමට, කාරුණික හදවත් ඇති, බුද්ධෝත්පාද දේශනා ශ්‍රවණය කරන ඔබටත් දායක විය හැක.

සම්බන්ධ වන්න
වැඩි විස්තර සඳහා අමතන්න — Contact Us
තෙරුවන් සරණයි !!!