...සිතින් මිදෙන මග...
..දුකින් මිදෙන මග..
..නිවන් දකින මග..
..එයයි නිස්සරණ මග..
අභිඥා ඥානයෙන් සත්‍ය ධර්මය ලොවට හෙළිකරන බුද්ධොත්පාද ආර්යන් වහන්සේ . මේ
බුද්ධෝත්පාද දේශනා මාලාව ඔබව නිවනටම රැගෙන යයි ඔබත් හොඳින් අධ්‍යයනය කර බලන්න
ඔබටම එය ප්රත්යක්ෂ වේවි ඔබටත් ඒ අත්දැකීම් ලැබෙනවා ඒකාන්තයි ඔබ තුළම සිදුවන
දැවැන්ත අධ්‍යාත්මික පරිවර්තනයක් ඔබව නිවන කරාම රැගෙන යයි එය ඒකාන්තයි.......
ඒකායන මග්ගෝ අයං භික්කවේ..............
මහණෙනි.........
නිවනට ඇත්තේ එකම මගයි අවිද්‍යා ශේෂ විරාග නිරෝධෝ කියන නිවන් මඟයි අවිද්‍යාව
ඇති තාක් ඔබට දුක උරුමයි දුකින් මිදෙන්නට කාලයයි
අද හැමතැනම ඇහෙන්නේ උන්වහන්සේ ලොවට හෙළි කරන ඒ සත්‍ය ධර්මය නොවේද. ඔබට ඇසෙනවද.........
ඒ මහා සින්හනාදය ලොවක් සනසමින් ගෞතම බුද්ධ ශාසනය නැවත පිබිදීම සනිටුහන් කරයි.
බුද්ධෝත්පාදෝ ආර්යන් වහන්සේගේ දහම් කතිකාවත
සතියේ දිනවල දිනපතා ලංකාවේ වේලාවෙන් උදේ 10:00 ට සජීවීව 01.05.2023 දින සිට ඔබට පහත දැක්වෙන ලින්ක් හරහා සජීවීව සවන්දිය හැකිය.

Zoom සාකච්ඡාව
* මෙම ලින්ක් එක නැවත දැනුම් දෙන තුරු දේශනා ශ්‍රවණය කිරීමට භාවිතා කරන
මෙන් කරුණාවෙන් දන්වා සිටිමු.
උදේ 10.00 සාකච්ඡාව
රාත්‍රී
09.00 සාකච්ඡාව
Videos
වසර දෙදහස් පන්සියයකට පසු ගෞතම බුද්ධ ශාසනයේ නැවත පිබිදීම සනිටුහන් කරමින් කාලයේ වැළිතලාවට සැඟව ගිය ඒ සත්‍ය ධර්මය බුද්ධෝත්පාද ආර්යන්වහන්සේ විසින් නැවතත් ලොවට හෙළි කරයි.

මෙත්මල් අරණ සමාජසේවා පදනම සමග සාමූහිකව සැමටම සුව සලසමු
ධර්ම ශ්‍රවණයට පෙර කුසට අහරක් අවශ්‍ය බව බුදුරජාණන් වහන්සේ ක්‍රියාවෙන්ම අපට පෙන්වා දී ඇත.
දුෂ්කර පළාත්වල ජීවත් වන අඩු ආදායම්ලාභීන් සඳහා " මෙත්මල් අරණ සමාජසේවා
පදනම " මගින් පහත සඳහන් සේවාවන් ලබා දීමට සැලසුම් කර ඇත.
# අසරණ පවුල් සඳහා අත්‍යවශ්‍ය වියලි ආහාර ද්‍රව්‍ය ලබාදීම.
# අසරණ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය මූලික පහසුකම් සැපයීම.
# අධ්‍යාත්මික දියුණුව ඇති කිරීමට අවශ්‍ය පසුතලය සැකසීම.
මෙම මහඟු කටයුත්ත සඳහා අප සැම සාමුහිකව කටයුතු කිරීම උතුම් කරුණකි. ඒ සඳහා මුදලින් හෝ අමුද්‍රව්‍ය වශයෙන් සහයෝගය දැක්වීමට ඔබටත් දැන් අවස්ථාව ඇත.
මෙත්මල් සමාජසේවා පදනම. ජාතික ඉතිරි කිරීමේ බැංකුව. බත්තරමුල්ල. ගිණුම් අංකය : 100800598542
විමසීම් : TP +94 77 3373129

බුද්ධෝත්පාද දේශනා වලට අයත් සියලුම ප්රචාරක කටයුතු සදහා වන වියදම් දරනු
ලබන්නේ බුද්ධෝත්පාද ගන්ථ සංසඳය ට අයත් මෙම ගිණුමෙනි.
මෙම ධර්ම දානමය කටයුතු සඳහා ඔබ ලබාදෙන සහයෝගය අප ඉතා අගය කොට සලකමු. බුද්ධෝත්පාද
ග්රන්ථ සංසදය මගින් මුද්‍රණය කරනු ලබන ග්රන්ථ ඔබටත් ලබාගත හැක. ඒ සඳහා
පහත දුරකථන අංකයට අමතන්න. 0773373129

බුද්ධෝත්පාද ධර්ම ග්රන්ථ සංසඳය තුළින් ගොඩනැගෙන ආරණ්‍ය සේනාසන
කාය විවේකය චිත්ත විවේකයට උපනිශ්‍රය වේ.
මෙත්මල් ආරණ සේනාසන නිර්මාණය වන්නේ ඒ සඳහාමය. නිවන් මගට උපනිශ්‍රව කටයුතු
කරන ඔබට එය මහඟු අවස්ථාවකි.ඔබ, අප සැම සියලු දෙනාගේ එකමුතුකමින් ගොඩනැගෙන
එම ආරණ්‍ය සේනාසන ;
1. නිකවැරටිය මෙත්මල් අරණ.
2. රත්නපුර මෙත්මල් අරණ.
3. මාතර මෙත් මල්අරණ.
යුගයේ අවශ්‍යතාවයක් වන මෙම ආරණ්‍ය සේනාසන ගොඩනැගීමේ වැඩ පිළිවෙළෙහි මූලික අදියරක් ලෙස ඉහත ආරණ්‍ය සේනාසන දැනටමත් නිර්මාණය වී පවතී. එම ආරණ්‍ය සේනාසන වල නිවනටම උපනිශ්‍රව විවේකීව කටයුතු කිරීමට දැනටමත් ඔබට හැකියාව ඇති බව සතුටින් දැනුම් දෙමු.
එම මෙත්මල් ආරණය සේනාසන ගොඩනැගීමේ සංවර්ධන කටයුතු සඳහා ඔබටත් දායක විය හැක. ඒ සඳහා ශ්‍රමයෙන්,අමුද්‍රව්‍ය වශයෙන් හෝ මුදලින් ඔබට දායක විය හැක. ඔබ මුදලින් දායක වන්නේ නම් බුද්ධෝත්පාද ග්රන්ථ සංසඳයේ පහත ගිණුමට ඔබගේ මුදල් බැර කරන්න.
Buddothpada dharma grantha sansadayaNational savings bank
A.c no.100800597511
Battaramulla
තවද, නව ආරණ්‍ය ගොඩනැගීමේ වැඩපිළිවෙළ සඳහා සුදුසු ස්ථාන ඔබට තිබේ නම් අපව අමතන්න. +94 70 351 8747

PEOTV (113) කර්ම TV නාලිකාව ඔස්සේ විකාශනය වන බුද්ධෝත්පාද ආර්යයන් වහන්සේගේ ධර්ම දේශනා සඳහා දායක වීමට ඔබටත් අවස්ථාව ඇත.
කර්ම TV නාලිකාවේ ධර්ම දේශනා සඳහා පැයකට අය කරන මුදල රුපියල් 5000/= (
පන්දාහක්) දක්වා එම රූපවාහිනී ආයතනය මගින් වෙනස් කර ඇත. එම නිසා එක් දේශනාවක්
සදහා දායක මුදල අගෝස්තු මස සිට රුපියල් 5000/= කි. *දායක වීමට කැමති අය
ඊට අදාල ගෙවීම් පහත ගිනුම් අංකයට බැර කරන්න.
Buddothpada dharma grantha sansadaya
Sampath Bank
A.c no.106161005988
Battaramulla
*මුදල් තැන්පත් කිරීමෙන් පසු,
රිසිට්පත, ඔබගේ නම, ගම ඇතුලු විස්තර සමග පහත whatsapp අංකයට දැන්වීමට කාරුණික
වන්න.
+94 76 227 6804